කංසා ගැන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ආවේ නෑ – බන්දුල

ඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කිසිදු යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් නොවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වන වගකීමක් තමන්ට භාරගැනීමට හැකියාවක් නොමැති බවයි ඊයේ (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේ.

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ (05) මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, ඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බවයි.