ඉදිරි ජනාධිපතිවරණය ගැන IHP සමීක්ෂණයකට අනුව අනුරට 50% ක් සහ සජිත්ට 33% ක්

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට ජන්ද දායකයින්ගේ ඡන්ද අභිප්‍රාය පිළිබඳව IHP ආයතනය විසින් දෙසැම්බර් මාසයේ සිදුකළ මත විමසුම් සමීක්ෂණයක ප්‍රතිඵල වාර්තාව නිකුත් කර තිබෙනවා.

අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක 50% ක් ලබා ගනිමින් පෙරමුණ ගෙන ඇති බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස 33% ක ප්‍රතිශතයක් ලබාගනිමින් දෙවන ස්ථානය ලබාගෙන ඇති අතර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ 9% ක් ලබාගෙන ඇති බවයි සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂයාට 8% ක් ලැබී ඇති බව ද සමීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා.

අදාළ වාර්තාව මෙතැනින්. මාධ්‍ය ප්‍රකාශය මෙතැනින්.

news images news images news images