අනුර ඇතුළු පිරිස ඉන්දියාවේ Observer Research Foundation බුද්ධිමතුන්ගේ එකතුව හමුවෙයි

ඉන්දියාවේ සංචාරකයකට එක්ව සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස නව දිල්ලියේ පිහිටි Observer Research Foundation නම් ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව (Think Tank) හමුවී තිබෙනවා.

Observer Research Foundation යනු ඉන්දියානු රජයේ ප්‍රතිපත්ති සම්පාදනයේදීත් තීරණ ගැනීමේදීත් ඉන්දියාවේ දේශපාලකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට උපදේශන සේවා සපයන ආයතනයක් බවයි සඳහන් වන්නේ.

අනතුරුව ඔවුන් ඉන්දියාවේ ඉලෙක්ට්‍රෝනික සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ඉන්දියානු අනන්‍ය හඳුනාගැනීමේ අධිකාරිය (Unique Identification Authority of India) නිරීක්ෂණය කර ඔවුන් සමඟ සාකච්ඡාවක ද නිරත වී ඇති බව වාර්තා වෙනවා.