අඩු බරට පාන් විකූණූ බේකරි 50 කට නඩු

පාන්වල නියමිත බර ඇතිදැයි සොයා බැලීම සඳහා වන වැටලීම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (06) ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව බේකරි සහ වෙළෙඳසල් පරික්ෂා කිරිමේ දී නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 50ක් පමණ වැටලීම් සිදුකර ඉදිරියේදී එම ආයතනවලට නඩු පැවරිමට කටයුතු කර තිබෙනවා.

පාන්වල නියමිත බර සඳහා වූ ගැසට් පත්‍රයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගියදා නිකුත් කර තිබුණා.