අඩු ආදායම් ලාභීන්ට සහනයක් ලෙස උත්සව සමයේ පවුලකට සහල් කිලෝ 20 ක් ලබා දෙනවා – ජනපති

ජනාධිපතිවරයා මේ වන විට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුකරමින් පවතින අතර එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* අස්වැසුම හරහා ලක්ෂ 24 ක ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

* අඩු ආදායම් ලාභි ජනතාවට සහනයක් වශයෙන් උත්සව සමයේ එක් පවුලකට සහල් කිලෝ 20 ක් ලබා දෙනවා.

* මෙම වසරේ වෛද්‍ය ආධාර ඉහළ නැංවීමට කටයුතු කරනවා.

* රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විශමතා ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නවා.

* එදා කතා කළේ පැය ගණන් තෙල් පෝලිම්වල ඉඳපු එක ගැන. අද කතා කරන්නේ රටේ අලුතින් ආයෝජනය කරන තෙල් සමාගම් ගැන.

* VAT බද්ද බොහෝ අයට බරක් අපි එය දන්නවා. ආර්ථිකය ස්ථාවර වෙද්දි VAT බද්ද අඩු කරන්න හැකි වේවි.