සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති හා මුදල් අමාත්‍යංශ ලේකම් සමඟ අද සාකච්ඡාවක්

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය හා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් අද (06) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මෙහිදී වැටුප් හා දීමනා ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි එහි කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේ.

සාකච්ඡා සාර්ථක නොවුන හොත් අත්හිටවූ වර්ජන ක්‍රියාමාර්ගය නැවත හෙට (07) ආරම්භ කිරීමට තීරණය කළ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.