ශ්‍රී ලංකා කණ්ඩායමට නව ද​ඟපන්දු යැවීමේ පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව දග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු හිටපු පළමු පෙල ක්‍රීඩකයෙකු වන ක්‍රෙයිග් හෝවාර්ඩ් පත් කර තිබෙනවා.

පෙබරවාරි පළමුවැනිදා සිට වසර දෙකක කාලයක් සදහා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර ඇති බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ නව දඟපන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඇෆ්ඝනිස්තානයට එරෙහි එක්දින තරගාවලියේ සිට සිය කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.