රාමසාන් සමයේ රාජ්‍ය සේවකයින්ගේ වැඩමුර සකස් කිරීම ගැන චක්‍රලේඛයක්

රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය සේවකයින් සඳහා ආගමික වතාවත්වල යෙදීමට හැකි වන පරිදි වැඩමුර සකස් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය රාජ්‍ය ආයතන වෙත දැනුම් දෙමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙවර රාමසාන් සමය මාර්තු 12 වන දින සිට අප්‍රේල් 11 වන දින දක්වා පැවැත්වීමට නියමිත බැවින් එම කාල සීමාව තුළ මුස්ලිම් රාජ්‍ය සේවකයින්ට ආගමික වතාවත්වල යෙදීමට හැකිවන පරිදි වැඩමුර සකස් කර දිය යුතු බවයි අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ.

නොවැළැක්විය හැකි අවස්ථාවලදී පමණක් විශේෂ නිවාඩු අනුමත කරදෙන ලෙසත් රාමසාන් අවසන් වීමට දින 14කට පෙර රාජ්‍ය සේවයේ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සුදුසුකම් ඇති මුස්ලිම් නිලධාරීන් සඳහා උත්සව අත්තිකාරම් ලබාදීමට ද කටයුතු කරන ලෙසද අදාළ චක්‍රලේඛය මඟින් දැනුම්දී තිබෙනවා.

අදාළ චක්‍රලේඛය පහතින්.

news images