බන්ධනාගාර රෝහලේ සිටින කෙහෙළියට නිවසෙන් ආහාර ගෙන්වා ගැනීමට අවසර

රක්ෂිත බන්ධනාගාරගත කර දැනට බන්ධනාගාර රෝහලේ සිටින කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට වෛද්‍ය නිර්දේශ මත තම නිවසෙන් ආහාර ලබා ගැනීමට අවසර හිමි වී තිබෙනවා.

මේ සඳහා අමාත්‍යවරයා ලිඛිතව ඉල්ලීමක් සිදුකර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී B. දිසානායක පවසන්නේ.

අමාත්‍යවරයා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඉල්ලීමක් කර නැති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියා.