පක්ෂයේ තීරණ විවේචනය කළොත් තරාතිරම නොබලා විනය ක්‍රියාමාර්ග ගන්නවා – සජිත්

පක්ෂය විසින් ගන්නා තීන්දු තීරණ විවේචනය කරන පිරිස්වලට එරෙහිව තරාතිරම නොබලා විනය ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ අනුව විවිධ පුද්ගලයින් පක්ෂයට නොගන්නා ලෙසත් එලෙස ගතහොත් තමා යන බවටත් විවිධ පිරිස් ප්‍රකාශ කරන බවත් එලෙස යන පුද්ගලයින්ට යාමට හැකියාව පවතින බවයි ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

පක්ෂයේ නිලතල දරනවා නම් සිදුකළ යුත්තේ පක්ෂය වැට්ටවීම නොවන බව සඳහන් කළ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පක්ෂය ශක්තිමත් කර ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරවීම බවයි.