නවක වෛද්‍යවරුන් 1300කට මාර්තු මාසයේ පත්වීම් – සෞඛ්‍ය අමාත්‍යාංශය

ලබන මාර්තු මාසයේදී වෛද්‍යවරුන් 1300 දෙනෙකු රජයේ රෝහල් සඳහා අනුයුක්ත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එම වෛද්‍යවරුන් කණ්ඩායම මේ වනවිට සීමාවාසික පුහුණුවීම් අවසන් කරමින් සිටින බවයි සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල සඳහන් කරන්නේ.

ඒ අනුව පවතින වෛද්‍ය හිඟයට ඉදිරියේදී විසඳුම් ලැබෙනු ඇති බව ලේකම්වරයා පෙන්වා දෙනවා.

එමෙන්ම පසුගිය සතියේ දී සීමාවාසික පුහුණුවීම් අවසන් කළ වෛද්‍යවරුන් 590 දෙනෙකුට පත්වීම් ලබාදුන් බවත්, ඔවුන් මේ වනවිට රෝහල් පුරප්පාඩු සඳහා අනුයුක්ත කර ඇති බවත් ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටිනවා.