ජනාධිපතිවරණය ඔක්තෝබර් පළවෙනි සතියේ තියෙයි – හරීන් ප්‍රනාන්දු

තමාගේ විශ්වාසය අනුව ජනාධිපතිවරණය ඔක්තෝබර් පළමු සතියේ පැවැත්වෙනු ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

එම ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන බවත්, තමා එය සහතික වශයෙන්ම ප්‍රකාශ කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන 3% ක් ගත් පිරිසට තවත් 47% ක් සොයා ගැනීම සිහිනයක් බවද, එම සිහිනය දැකීමට ඔවුන්ට ඉඩ ලබාදිය යුතු බවද ඔහු ​පවසනවා.

රට ගොඩ දැමීමට නම් වත්මන් ජනාධිපතිවරයාට තවත් එක අවස්ථාවක් ලබාදිය යුතු බවත්, කෙටි කාලයක් තුළ බංකොලොත් වූ රටක් වෙනස් කළේ ඔහු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.