ජනාධිපතිවරණයේ රටේ අපේක්ෂාව සජිත් ප්‍රේමදාස – බුද්ධික පතිරණ

ජනාධිපතිවරණයේදී රටේ අපේක්ෂාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පවසනවා.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජනතාව දිනවන්නේ සජිත් ප්‍රේමදාස බවයි ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඉදිරි ජනාධිපතිරණයේදී සමගි ජන බලවේගය ඉදිරිපත් කරන්නේ වැඩපිළිවෙළක් බවත්, එයට සජිත් ප්‍රේමදාස නායකත්වය ලබාදෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ වැඩිදුරටත් සඳහන් කළා.