ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට වෙන් කළ මුදල් ප්‍රවේශමෙන් පාවිච්චි කිරීමේ තීරණයක්

රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ 2024 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු මගින් රුපියල් බිලියන දහයක් මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් වෙන් කර ඇති බවත්, ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට අදාළ වියදම් එකී ප්‍රතිපාදන තුළ කළමනාකරණය කර ගැනීමට සිදුවන බවත් අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන තිබෙනවා.

එසේම රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය අරමුදල් 2025 අයවැය මගින් ලබාදීමට සිදුවන බවයි කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

2025 වර්ෂයේදී මෙම මැතිවරණ දෙක පැවැත්වීමට ප්‍රථම 1948 අංක 17 දරණ පරීක්ෂණ කොමිෂන්  සභා පනත ප්‍රකාරව ස්ථාපිත කර ඇති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත නිර්දේශය මත පදනම්ව අවශ්‍ය වන්නේ නම් අදාල මැතිවරණ නීති සඳහා වන සංශෝධන පාර්ලිමේන්තුවේ අනුමැතිය මත හඳුන්වා දිය යුතු බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images news images