හුලංදා ඔය පාලම කඩා වැටෙයි

ඇඹිලිපිටිය නගරයේ සිට තෝරකොළයාය හරහා මිද්දෙණිය දෙසට ඇති ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති හුලංදා ඔය පාලම අද (05) අලුයම කඩා වැටී තිබෙනවා.

ලී කොට පැටවූ ලොරි රථයක් පාලම හරහා ගමන් කරමින් තිබියදී මෙලෙස කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් ජීවිත හානි සිදුව නොමැති අතර, එම මාර්ගයේ ගමන් ගන්නා රියැදුරන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලීසිය දැනුම් දෙන්නේ.