සමන්එළිය විදුහල් භූමියේ පැණි වරකා පැළ දහසක් රෝපණය කෙරේ

ජාත්‍යන්තර තෙත්බිම් දිනයට සමගාමීව සහ හෙල්පින් නුවරඑළිය වැඩසටහන යටතේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් මස්කෙළිය සමන්එළිය විදුහල් භූමියේ පැණි වරකා පැළ දහසක් රෝපණය කිරීමේ වැඩසටහනක් ඉකුත් 02 වැනි දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාසල් පරිශ්‍රයේදී සිදු කෙරිණ.

මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට යාබදව පිහිටි සමන්එළිය මහ විද්‍යාලයේ පැණි වරකා පැළ දහසක් රෝපණය කිරීමේ වැඩසටහනට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අනුග්‍රහය දක්වා තිබූ අතර, මෙම වැඩසටහන නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය, ලක්ෂපාන යුද හමුදා කඳවුර, මස්කෙළිය පොලිසිය, මස්කෙළිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර, සමන්එළිය මහ විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය සහ පාසල් සංවර්ධන කමිටුව විසින් මෙම රුක් රෝපණ වැඩසටහන සංවිධානය කර තිබුණි. එම පාසල් භුමියේ රෝපණය කළ පැණි වරකා පැළ දහස පාසලේ සිසු සිසුවියන් විසින් රැක බලා ගැනීම සිදු කරනු ලබයි.