වසරකට ළමා පිළිකා රෝගීන් 900 ක් වාර්තා වෙනවා – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

වසරකට ළමා පිළිකා රෝගීන් 900කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

එය පසුගිය වසර කිහිපයට සාපේක්ෂව වැඩි අගයක් ගන්නා බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරන්නේ.

ළමුන්ගේ දෛනික ක්‍රියාකාරකම් අඩු වීම හා කෙටි ආහාර සහ පැණි බීමවලට ළමුන් වැඩි පිරිසක් හුරුවීම මෙලෙස පිළිකා රෝගී තත්ත්වයන්ට බලපා ඇති බවද ඔහු සඳහන් කළා.