මිලියන දෙකක ජනතාවගේ ඉඩම් ගැටළුව ස්ථිරසාරව විසඳන උරුමය වැඩසටහන අද

නිසි ඉඩම් හිමිකමක් නොමැතිව දැඩි පීඩාවට පත්ව සිටින මිලියන දෙකකට අධික ජනතාවගේ ගැටළුවට ස්ථිරසාර විසදුමක් ලබාදෙන උරුමය වැඩසටහනේ සමාරම්භක උත්සවය
අද(05) දඹුල්ලේ දී පැවැත් වේ.

එහිදී රන් භූමි, ජය භූමි සහ ස්වර්ණ භූමි වැනි ඉඩම් බලපත්‍රලාභීන් 10,000කට අධික ප්‍රමාණයකට සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම සිදු වේ. අද පැවැත්වෙන සමාරම්භක උත්සවයේදී සින්නක්කර ඉඩම් ඔප්පු 10,000ක් ලබා දීමට නියමිත අතර අනතුරුව මෙම වැඩසටහන මෙරට තිබෙන ග්‍රාමසේවා වසම් 14,000 ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ඉඩම් හා සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.