පාන් අලෙවි කරන සෑම වෙළඳසැලකම තරාදියක් තිබිය යුතුයි – පාරිභෝගික අධිකාරිය

පාන් අලෙවි කරන සෑම වෙළඳසැලකම තරාදියක් තිබිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඒ අනුව පාරිභෝගිකයාට පාන් ගෙඩියක බර පරික්ෂා කර බැලීමට අවස්ථාව සලසා දිය යුතු බවයි එහි අධ්‍යක්ෂ (විශේෂ වැටලීම් සහ විමර්ශන ඒකකය) සංජය ඉරසිංහ සඳහන් කළේ.

එසේ තරාදියක් නොමැති නම් 1977 දුරකථන අංකයට දැනුම්දිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.