පන්සල් ගිය කතට මහමඟෙදී මාරයා හමු වෙලා දියණියට බරපතළ තුවාල

පන්සල් ගොස් එමින් සිටි කාන්තාවක සහ ඥාති දියණියක ස්කැමල් රථයකට යටවී කාන්තාව මියගොස් දියණිය බරපතළ තුවාල ලබා ඇතැයි මොරොන්තුඩුව පොලිසිය පවසයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ මොරොන්ත්ඩුව, මහ ගෝනදූව ප්‍රදේශයේ පදිංචිව සිටී ප්‍රියන්තා කුමුදුනී වනසිංහ නමැති 60 හැවිරිදි කාන්තාවකි. මියගොස් ඇති කාන්තාවගේ වැඩිමහල් සොහොයුරිය අසනීපව රෝහල් ගතව සිටින බැවින් පසුගියදා (02) රාත්‍රි පන්සලේ බෝධිපූජාවක් සිදු කර දෙදෙනා බණ්ඩාරගම දෙස සිට කළුතර දෙසට පා ගමනින් පැමිණ ඇති අතර, මොරොන්තුඩුව, ගෝනදූව ප්‍රදේශයේ දී කළුතර දෙසින් පැමිණි ස්කැමල් රථයේ ගැටී අනතුර සිදුව ඇත.

බරපතළ තුවාල ලබා දෙදෙනා රෝහල් ගතකර ඇති බවත්, රෝහල් ගතකිරීමේදී කාන්තාවක මියගොස් , දියණිය කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් සඳහන් වේ.

ස්කැමල් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.