දාහතේ කොල්ලා ළඟ ඉතාලි පිස්තෝලයක්

බෙන්තොට පොලිසියට ලද තොරතුරක් මත බෙන්තොට වරාහේන ප්‍රදේශයේ මාර්ගයක පා ගමනින් ගමන් කරමින් සිටි 17 හැවිරිදි සැකකාර තරුණයෙකු සතුව තිබී විදේශයක නිෂ්පාදිත කළු පැහැති MOD 85 AUTO(K) CAL 8.MMK.ITELY වර්ගයේ පිස්තෝල අවියක් හා හෙරොයින් මිලිග්‍රෑම්5580 අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුර ගත් ගිනි අවිය කිසියම් අපරාධයකට සම්බන්ධ එකක්දැයි විමර්ශන සිදුකරන බව පොලිසිය කියයි. පෙරේදා (3) පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරු බෙන්තොට අංගාගොඩ ප්‍රදේශයේ පදිංචි 17 වියැති අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින හතක් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතව ඇතියි බෙන්තොට පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

බෙන්තට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාරකාරීවසම් මහතාගේ උපදෙස් මත අපරාධ අංශ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා

කරන්දෙණිය – අනුරාධ ප්‍රියදර්ශන

බෙන්තොට – එස්. මද්දේවිතාන