තුන්වන පාසල් වාරයේ දෙවන අදියර අද ආරම්භ වෙයි

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර අද (05) ආරම්භ වනවා.

උසස් පෙළ විභාගය හේතුවෙන් පසුගිය දෙසැම්බර් 23 වනදා පාසල් නිවාඩුව ආරම්භ වූ අතර උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර ගැටලුව හේතුවෙන් එම ප්‍රශ්න පත්‍රය පෙබරවාරි 1 වනදා පැවැත්වීමට කටයුතු කර තිබුණා.

ඒ අනුව පෙබරවාරි 1 වනදා ආරම්භවීමට නියමිතව තිබූ තුන්වන වාරයේ දෙවන අදියර අද දක්වා කල් දැමුණා.