තලවිල තරුණයෙක් නිදහස සමරා දිය මත පාපැදියෙන් යයි

නිදහස් සමරමින් මාරවිල තල්විල ප්‍රදේශයේ තරුණයෙකු තමන් විසින් නිෂ්පාදනය කරන ලද දිය මත යා හැකි පාපැදියක ජාතික කොඩිය ගසා මාරවිල මුහුදේ පැයකට ආසන්න කාලයක් ගමන් කිරීමේ පුවතක් වාර්තා වේ. ඊයේ 04 දහවල් මේ ක්‍රියාවේ නිරත වුයේ දිනේෂ් මධුරංග අප්පුහාමි (39) නමැති මාරවිල තල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

ලංකාවේ නිෂ්පාදනය කරන ලද දියමත පැදීමේ එකම පාපැදිය මෙය බවත් මේ සඳහා පේටන්ට් අයිතිය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් දිනේෂ් මධුරංග මහතා පැවසීය.

මේ පාපැදිය නිෂ්පාදනය කිරීමට රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වය වී ඇති අතර මෙය තවත් වැඩිදියුණු කර වෙළඳපොළට දැමීමට කටයුතු කරන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මේ පාපැදියට මුහුදු රළ මත ද පැද යාමේ හැකියාව පවතී.