කෙහෙළිය අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ඔහුගේ අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමක් අත්සන් කිරීම අද (05) ආරම්භ කළා.

ඒ අනුව ජාතික සිවිල් සංවිධාන පෙරමුණ ඇතුළු පාර්ශව රැසක් එක්ව මෙම මහජන පෙත්සම් අත්සන් කිරීමට සංවිධානය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී අදහස් දැක්වූ මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක සඳහන් කළේ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අමාත්‍ය ධූරයෙන් පමණක් නොව පාර්ලිමේන්තුවෙන්ද ඉවත් කළ යුතු බවයි.

news images news images news images news images