කලපු ධීවර තොටුපොළේ නිදහස් උත්සවයක්

කටුනායක කලපු ධීවර තොටුපොළේ 76 වන ජාතික නිදහස් දින උත්සවයක් කලපු තරුණ ධීවර සමිතිය විසින් සංවිධාන කර තිබුණි. කලපුවේ ධීවර කටයුතුවල නිරත තරුණ ප්‍රජාව අද දින ධීවර කටයුතුවලින් ඉවත් වී මෙම නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගී වූහ.

එහිදී කලපු දිය මත, ධීවර ජනතාවට සම්බන්ධ විවිධ ක්‍රීඩා ඉසව් පවත්වනු ලබන අතර ඒවායින් ජය ගන්නා ජයග්‍රාහකයන්ට දැවවලින් නිමා කළ විවිධ ධීවර උපකරණ ජය සංකේත ලෙස ප්‍රදානය කිරීම ද විශේෂත්වයකි. 6 වැනි වරටත් සංවිධාන කර ඇති මෙම උත්සවයට තෙප්පම් පැදීම, රුවල් ඔරු පැදීම, දිය මත සවි කළ ග්‍රීස් ගසේ නැගීම, කළපු දිය මත කඹ ඇදීම වැනි ක්‍රීඩා ඉසව් 17ක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණි.