ඔහු ගෙනාපු බෙහෙත් බොන්න බෑ, සිංගප්පූරුවෙන් ගෙනාපු බෙහෙත් ඕන කියලා කියනවලු – වෛද්‍ය රුක්ෂාන්

මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ඔහු විසින් ගෙන ආ බෙහෙත් වර්ග ලබාගැනීම ප්‍රතික්ෂේප කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

ඒ වෙනුවට ඔහුට සිංගප්පූරුවෙන් ගෙන් වූ ඖෂධ ලබා ගැනීමට අවශ්‍යයැයි පවසන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරයා සඳහන් කළේ.

එසේම ඔහුට බන්ධනාගාර රෝහලේ සිටීමට නොහැකි බවත්, පෞද්ගලික රෝහලක නවාතැන් දෙන ලෙසද ඉල්ලා සිටින බවද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන වැඩිදුරටත් සඳහන් කළා.