අනුර කුමාර දිසානායක හා ඉන්දීය විදේශ ඇමති අතර නිල හමුවක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය S. ජයශංකර් අතර නිල හමුවක් සිදුව තිබෙනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමුවීමට ලැබීම සතුටක් බවයි.

ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම තුළින් ලැබෙන අන්‍යෝන්‍ය ප්‍රතිලාභ පිළිබඳව හො​ඳ සාකච්ඡාවක් සිදුකළ බවද, ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සහ ඉදිරි මාවත සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අදාළ X පණිවිඩය පහතින්.

news images