අනුර කුමාර දිසානායක නිල ආරාධනයකට අනුව ඉන්දියාවේ සංචාරයක

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් ඉන්දියාවේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව මෙම පිරිස සංචාරයේ නිරත වන බවයි වෛද්‍ය නලින්ද ජයතිස්ස X පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ.

එම නියෝජිත පිරිසට ජාතික ජන බලවේගයේ ලේකම් වි‍ශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් හා පක්ෂයේ ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත ඇතුළත් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

news images