යුද හමුදා නිලධාරීන් 1,450කට උසස් වීම් ලබාදෙයි

76 වන ජාතික නිදහස් දින සංවත්සරය වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් 1,450ක පිරිසකට උසස් වීම් ලබා දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය මත යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ උසස්වීම් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ​ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බල සේනාවල නිලධාරීන් 211 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,239 දෙනෙකු වෙත එම උසස් වීම් ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.