මහවැලි ගඟේ දිය නාමින් සිටි අයෙක් අතුරුදන්

මහවැලි ගඟේ දිය නාමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

ඊයේ (03) තවත් පිරිසක් සමග පේරාදෙණිය හිඳගල ප්‍රදේශයේ මහවැලි ගඟේ දිය නාමින් සිටිය දී ඔහු අතුරුදන් වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අතුරුදන්ව ඇත්තේ පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක්‍.

අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලිස් හා නාවික හමුදා ජීවිතාරක්ෂක නිලධාරින් මෙහෙයුම් කටයුතු සිදු කරන බව පොලිසිය සඳහන් කළා.