නිදහස් දිනය හේතුවෙන් බන්ධනාගාර රැඳවියන් 754 කට නිදහස

නිදහස් දිනය වෙනුවෙන් ජනපති සමාව හිමි වූ සිරකරුවන් 754දෙනෙකු අද (04) දිනයේ නිදහස් කර තිබෙනවා.

ඒ අතර කාන්තා රැඳවියන් 25 දෙනෙකුද වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර අදට යෙදී ඇති නිදහස් දිනය හේතුවෙන් බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් හමුවීමට අවසර හිමිව තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.