අඩු බර පාන් සොයා හෙට සිට වැටලීම්

පාරිභෝගික අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව නියමිත බරට පාන් අලෙවි නොකරන වෙළදුන් සොයා හෙට (05) සිට වැටලීම් ආරම්භ කරන බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පාන්ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් ලෙස තිබිය යුතු බවත් ඉන් අඩුවිය හැකි උපරිම බර ප්‍රමාණය ග්‍රෑම් 13.05 ක් බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වුනේ.

එසේම  පාන් භාගයක බර ග්‍රෑම් 225ක් වියයුතු අතර අඩුවිය හැකි ප්‍රමාණය ග්‍රෑම් 09ක් බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුනේ.