මේක රටක් විදියට System Change එකක්, හැරවුම් ලක්ෂයක් – රවී කුමුදේශ්

සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අදාළ ඖෂධ 103 තුළදීම සොරකම්, අල්ලස් ගැනීම්, මාෆියාවන් සහ දූෂණ සිදුවන බව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා.

කෙසේ නමුත් රටේ ජනතාවගේ වාසනාවට මෙම සොරා සම්පූර්ණ සොරකමක් සිදුකළ සොරෙකු නිසා, මෙම කතාව කියවා ගැනීමට හැකි වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙය රටක් ලෙස සිදු වූ System Change එකක් නොහොත් හැරවුම් ලක්ෂයක් බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාරගත කිරීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.