ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා මාර්තු සිට දිවා ආහාරය ලබාදෙනවා – අධ්‍යාපන ඇමති

මෙරට පාසල්වල පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා සියලු‍ම දරුවන්ට දිවා ආහාරය ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ අනුව එළඹෙන මාර්තු මාසයේ සිට මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් ලක්ෂ 16ක් පමණ සිටින බවත්, ඔවුන් වෙත පාසල් දිවා ආහාර වේල ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන 16ක් වෙන්කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.