නිදහස් උත්සවයේ රථවාහන රාජකාරී වලට පොලිස් නිලධාරින් 1500 ක්

හෙට (04) යෙදී ඇති 76 වැනි ජාතික නිදහස් උත්සවයේ රථ වාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1,500කට ආසන්න පිරිසක් යොදවා ඇති බව පොලීසිය පවසනවා.

ආරක්ෂාව සහ වෙනත් රාජකාරි සඳහාද නිලධාරින් 4,000ක් යොදවා ඇති බවයි රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කරන්නේ.

අද සහ හෙට දෙදින තුල, ජාතික නිදහස් උත්සවය වෙනුවෙන් කොළඹ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැසුමක් ක්‍රියාත්මක වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.