කොළඹට ආසන්න දුම්රිය ස්ථාන කීපයක හෙට දුම්රිය නවත්වන්නේ නෑ – දුම්රිය දෙපාර්තමේන්තුව

හෙට (04) දිනයේදී මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය, කොළඹ නගරාසන්න දුම්රිය ස්ථාන කිහිපයක නතර නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අනුව, හෙට පෙරවරු 05.00 සිට පෙරවරු 09.00 දක්වා කාලය තුල මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානයත්, කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන දුම්රිය ස්ථානවලත් දුම්රිය නොනවත්වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

හෙට (04) පැවැත්වෙන 76 වැනි නිදහස් සමරු උත්සවය සඳහා සහභාගි වන ප්‍රභූවරුන්ගේ සහ පෙළපාලිය සඳහා සහභාගි වන ත්‍රිවිධ හමුදා හා පොලිස් භට පිරිස්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙලෙස දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.