කිසි කෙනෙක් බය වෙන්න එපා සත්‍යවාදී තොරතුරු සමාජ මධ්‍යයෙන් රටට හෙළිකරන්න – සජිත්

සමාජ මාධ්‍ය හරහා රටට තොරතුරු හෙළි කිරීමට බොහෝ දෙනෙක් බිය වී ඇති නමුත්, සත්‍යවාදී තොරතුරු හෙළි කිරීමට කිසිවෙකු බිය නොවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සත්‍යවාදී තොරතුරු රටට හෙළිදරව් කිරීම නිසා රාජ්‍ය ම්ලේච්ඡත්වයට, හිරිහැර කිරීම්වලට, අත්අඩංගුවට ගැනීම්වලට ලක්වෙන සියලු ජනයා වෙනුවෙන් නොමිලේ නීති සහය ලබා දී ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට තමන් කටයුතු කරන බවයි ඔහු පවසන්නේ.

කිසිවෙකුට අපහාස නොකර තමන්ගේ සිතේ තිබෙන සිතිවිලි නිදහසේ හෙළිදරව් කිරීමට ප්‍රජාන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ සැමට අයිතිය ඇති බවද, මෙය හිට්ලර්ගේ හෝ මු​සොලීන්ගේ හෝ ස්ටාලීන්ගේ රට නොව, ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවද ඔහු පෙන්වා දෙනවා.