Category Politics

ආණ්ඩුවට වෙලා තියෙන්නේ, අද ගුරු පත්වීම ලැබිච්ච මිනිහට ඉස්කෝලේ විදුහල්පතිකම දුන්නා වගේ වැඩක් – විමල්

වත්මන් ආණ්ඩුව කිසිදු දෙයක් දුරදිග බලා තීරණ ගැනීමට නොහැකි ආණ්ඩුවක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ලුණු පැකට්ටුවක් රුපියල් 60ක් වීමට වසර 76 ක් ගිය බවත්, මාස 07 ක් තුළ ලුණු පැකට්ටුවක් රුපියල් 400 දක්වා…

ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා ඇප මත මුදා හැරීමට නියෝග

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කර තිබෙනවා. මෙම සැකකරු අද දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කිරීමෙන්…

රියදුරන් නිරීක්ෂණය කළ හැකි AI තාක්ෂණික පද්ධති බස් රථවලට හඳුන්වා දෙනවා – බිමල් රත්නායක

රියදුරන් නිරීක්ෂණය කළ හැකි AI තාක්ෂණික පද්ධති ලංගම සහ පෞද්ගලික දුර ගමන් සේවා බස් රථ සඳහා හඳුන්වාදීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ අනුව බස් රථ බලපත්‍රය සමඟ මෙම AI තාක්ෂණික පද්ධතිය තිබීම අනිවාර්ය කරන බවත්, එම…

‍සාම සාකච්ඡා සඳහා පුටින් නොඑන බව දැනුම්දෙයි

රුසියානු, යුක්රේන සහ එක්සත් ජනපද නියෝජිතයින් අතර සාම සාකච්ඡාවක් අද (15) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky මේ වන විටත් තුර්කියට පැමිණ සිටිනවා. සාම සාකච්ඡා සඳහා තමා නොපැමිණෙන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනය කර තිබෙන අතර,…

රාජ්‍ය වෙසක් මහෝත්සවය ජනපති සහභාගිත්වයෙන්

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද (10) නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී ආරම්භ කෙරිණි. “භජෙථ මිත්තෙ කල්‍යාණෙ භජෙථ පුරිසුත්තමෙ” (කලණ ගුණ ඇති උතුම් මිතුරන්…

නව පළාත් පාලන ආයතන ජූනි 02වැනිදා රැස් වෙයි

නව පළාත් පාලන ආයතනවල නිල කාලය ජූනි 2 වැනිදා ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ප්‍රකාශ කළේය. පළාත් පාලන ආයතන රැස්වීමට පෙර කොට්ඨාස මට්ටමින් තේරී පත් වූ පළාත් පාලන ආයතන සභිකයන් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ යුතු…

රජයේ සේවකයන්ට ලබා දෙන ආපදා ණය ප්‍රමාණය ලක්ෂ හතර දක්වා ඉහළට

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ් අනුව, එහි දැක්වෙන්නේ 2025 අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප් වැඩිකිරීම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් සඳහා ආපදා ණය ලබාදීමේ උපරිම සීමාව දැනට…

දරුවන් සම්බන්ධ සිදුවීම් කිසි විටෙකත් දේශපාලනික අවස්ථාවන් නොකරගත යුතුයි

දරුවන් සමබන්ධව සිදුවන අපරාධ සහ සිදුවීම් පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමේ දී වගකීමෙන් කටයුතු කළ යුතු බවත් එවන් සිදුවීම් කිසිවිටෙකත් දේශපාලන අවස්ථාවන් කර නොගත යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මැයි 09වැනි දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරන ලදී. කොටහේන ප්‍රදේශයේ…

නව පාප් වහන්සේට ජනපතිගෙන් සුබ පැතුම්

අභිනව පාප් වහන්සේ ලෙස වතිකානයේදී ඊයේ (08) පස්වරුවේ තේරී පත්වූ ශුද්ධෝත්තම 14 වන ලියෝ පාප් වහන්සේට ජනාධිපති අනුර කුමාර දිසානායක සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ අනුව පාප් වහන්සේගේ භූමිකාව විශාල වගකීමක් දරන බවත්, ඒ හරහා ලෝවාසී ජනතාවට මඟ පෙන්වීමට ශක්තිය…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

ප‍ාර්ලිමේන්තුව අද (09) යළි රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද  පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා. පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න…