Category Politics

රනිල්ගේ පෞද්ගලික විදේශ සංචාර සම්බන්ධයෙන් CID විමර්ශන අරම්භ කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික විදේශ සංචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ අනුව, ඒ සම්බන්ධයෙන් වන වාර්තාවක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුරට මේ බව දැනුම්…

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) අලුයම කැනඩාව බලා පිටත්ව ගොස් තිබෙනවා. පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉගෙනුම් පාලක මණ්ඩලය ජූනි 24 සිට…

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස හර්ෂණ සූරියප්පෙරුම පත්වෙයි

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්‍ය හර්ෂණ සූරියප්පෙරුම පත් වූ අතර ඔහු එම ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.  මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්‍ය හර්ෂණ සූරියප්පෙරුම පසුගියදා එම ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා. මීටපෙර මුදල් අමාත්‍යාංශ…

ජොන්ස්ටන්ට ‍එරෙහි නඩුවක් ජුලි 30 කැඳවීමට නියෝග

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් ජුලි 30 වැනිදා දක්වා කල් තබා තිබෙනවා. මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින්, ස.තො.ස. ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල…

හිටපු අමාත්‍ය මහින්දානන්දගේ බිරිඳගෙන් සටහනක්

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ගේ බිරිඳවන සේනානි ජයරත්න 20 වසරක සිරදඩුවමක් නියම වී සිටින තම සැමියා වෙනුවෙන් සටහනක් තබා තිබෙනවා.  ඒ හිටපු අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් ගිණුම හරහායි. එහිදී ඇය සඳහන්කර සිටියේ මෙතරම් පරීක්ෂන නඩු ගොන්නකට වසර 12ක් තිස්සේ මුහුණ දී අවසානයේදී…

ශිරන්තිගේ සිරිලිය ගිණුම බොරු එකක්

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ බිරිය වන ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මිය විසින් සිරි­ලිය සවිය නමින් පව­ත්වා­ගෙන ගිය ව්‍යාජ ගිණුම සම්බ­න්ධ­යෙන් යළි විම­ර්ශන කට­යුතු ආරම්භ කරන බව මහ­ජන ආර­ක්ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වට­ගල මහතා පාර්ලි­මේ­න්තු­වේදී ප්‍රකාශ කළේය. මෙලෙස පවත්වා ගෙන ගිය…

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා අයකරන ආහාර මිල ගණන් නැව​ත සංශෝධනය කෙරේ

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉල්ලීම මත කාර්ය මණ්ඩලය සඳහා අය කරන ආහාර මිල ගණන් නැවත ස‍ංශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහකාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු ගෘහකාරක සභාව 2025.05.23 දිනැති තීරණය පරිදි කාර්ය මණ්ඩලයේ ආහා​ර මිල ගණන් 2025.06.01 දින සිට ක්‍රියාත්මක…

එල්ල වෙන චෝදනා වලට මෛත්‍රීගෙන් පිළිතුරු

අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ උප සභාපතිවරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයේ ඔහු සඳහන් කර ඇත්තේ, එම පැමිණිල්ලේ සඳහන් කරුණු අසත්‍ය ඉතාමත්…

ජනපති අරමුදලේ සියලු සේවා අද සිට Online

ජනාධිපති අරමුදලේ සියලු සේවා අද(21) සිට Online ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක වෙයි. ජනාධිපති අරමුදලින් මහජනතාව වෙත වෛද්‍යාධාර ලබා දීමේ සේවාවට අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීම පසුගිය පෙබරවාරි 07 වැනිදා සිට ආරම්භ විය. ජනාධිපති මාධ්‍ය ඒකකය…

2025 සඳහා වන එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන වාර්තාව අගමැතිනිය වෙතට පිරිනැමේ

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ එළිදැක්වෙන 2025 වසරට අදාළ මානව සංවර්ධන වාර්තාව ජුනි 19 වැනි දා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිළිගන්වා තිබේ. “AI (Artificial Intelligence) යුගයේ මිනිසුන් සහ හැකියාවන්” යන්න මෙවර මානව සංවර්ධන වාර්තාවේ මූලික තේමාව වන අතර, ඒ…