Category Politics

මේ බහුතරයක් පරීක්ෂණ යහපාලන ආණ්ඩුව කාලේ පටන් ගත්ත ඒවා – නාමල්

දැන් සිදුකරන බහුතරයක් පරීක්ෂණ යහපාලන ආණ්ඩු සමයේ ආරම්භ කළ ඒවා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. යහපාලන ආණ්ඩු සමයේ දූෂණ මර්ධන ඒකකයේ සිටි ප්‍රධානියා වත්මන් ආණ්ඩුවේ පොලීසිය භාර අමාත්‍යවරයා වන බවත්, වැටුප් නොගත් බව හා දීමනා…

වැලිගම ප්‍රාදේශීය සභාවේ රැස්වීම දින නියමයක් නොමැතිව කල් තබයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ රැස්වීම දින නියමයක් නොමැතිව කල් තැබීමට දකුණු පළාත භාර පළාත් පාලන කොමසාරිස්වරිය විසින් තීරණය කර තිබෙනවා. අද (27) පෙරවරුවේ සභාව රැස්වූ අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් එහි නොපැමිණීම හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබුණා. එහිදී, රැස්වීම සඳහා…

නාමල්ගේ ක්‍රිෂ් නඩුව සැප්තැම්බර් 26 කැඳවීමට නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් සැප්තැම්බර් මස 26 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, එම නඩුව අද (27) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිට ඇති…

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට සම්බන්ධව, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂිකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු හිටපු කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙක් නම් කර තිබේ. මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 350කට ආසන්න…

ජනපති හා දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති Thabo Mbeki අතර හමුවක් ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවී තිබෙනවා. සිය ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය මෙය වන බවත්, ශ්‍රී ලංකාවේ ජාතික සමඟිය හා සංහිඳියාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ තමන් උනන්දුවෙන්…

SLMC පුරප්පාඩු වී ඇති මන්ත්‍රී ධුරය අබ්දුල් වසීත්ට ලබාදීමට තීරණය කෙරේ

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. නලීම් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා අබ්දුල් වසීත් නම් කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබෙනවා. මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ එස්.එම්. නලීම් ඉකුත් පළාත් පාලන…

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමසම අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙනවා. ඒ අනුව චෝදනා 43ක් යටතේ මෙම අධි චෝදනා ගොනු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබාදීමට අද (26) උදෑසන අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කොළඹ මහ නගර සභාවේ මංගල සභා රැස්වීමේදී සභාව විනාඩි 10ක් කල් තබයි

කොළඹ මහ නගර සභාවේ මංගල මහා සභා රැස්වීමේදී එහි න්‍යාය පත්‍රය නීත්‍යානුකූල නොවන බව විපක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වාදීමෙන් පසුව, එම රැස්වීම විනාඩි 10කට කල් තැබීමට නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් අද (26) උදෑසන පියවර ගත්තා. මහ නගර සභා ආඥා පනතට අනුව, මහා…

කෙහෙළිය ඇතුළු 12කට අධිචෝදනා ගොනු කෙරේ

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අද (26) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ‍ගොනුකර තිබෙනවා. ඒ අනුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුව අද (26) කැඳවූ…