Category Politics

මහින්ද විසින් ​අත්අඩංගුවට ගැනීම් වැළැක්වීමට මහානායක හිමිවරුන්ගේ සහාය පතන බවට වන පුවත් අසත්‍යයි – නාමල්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් තම පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා මහානායක හිමිවරුන්ගේ සහාය පතන බවට අසත්‍ය ප්‍රකාශ පතුරුවා හැරීමට තරම් ජාතික ජන බලවේග ආණ්ඩුව පහතට වැටී ඇති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. තමන් ඉලක්ක කර…

හිටපු ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධනට අධි චෝදනා භාරදෙයි

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට කොළඹ මහාධිකරණය හමුවේ අද (30) අධි චෝදනා පත්‍ර භාරදීම සිදුකර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ අල්ලස් කොමිසම විසින් ගොනු…

ශිරන්තිව අත්අඩංගුවට ගැනීම වළකා දෙන්නැයි මහින්ද ඉල්ලා නෑ – සමාජ මාධ්‍යයේ කතාවට මල්වතු පාර්ශ්වයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශිරන්ති රාජපක්ෂව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට වත්මන් ජනාධිපතිතුමන් වෙත බලපෑම් කරන ලෙස මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේට ඉල්ලීමක් කරන ලද බවට සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය වන පුවත සාවද්‍ය සහ පදනම් විරහිත එකක් බවට නිවේදනයක් නිකුත්කර…

එක් එක් බල අධිකාරීන්ට අවශ්‍ය පරිදි කට­යුතු කළ යුගය අව­සන් කළා

මහ­ජන දේපළ සොර­ක­මට බය වෙනවා වගේම කවු­රුත් නීති­යට යටත් විය යුතුයි පොදු ප්‍රවා­හ­නය ශක්ති­මත් කිරීම අද අනි­වාර්ය අංගයක් – ඇමැති බිමල් රත්නා­යක කුඩා ආණ්ඩු­ව­ලට සහ එක් එක් බල­අ­ධි­කා­රීන්ට අවශ්‍ය පරිදි කට­යුතු කළ යුගය වත්මන් ආණ්ඩුව අව­සන් කර ඇති බව ජනා­ධි­පති අනුර…

විශේෂ පාර්ලි­මේන්තු රැස්වී­මක් අද

පාර්ලි­මේ­න්තුවේ විශේෂ රැස්වී­මක් අද (30) පැවැ­ත්වී­මට පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ කාරක සභාව තීර­ණය කර තිබේ. පාර්ලි­මේ­න්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකා­රව අග්‍රා­මා­ත්‍ය­ව­රි­යගේ ඉල්ලීම පරිදි අද (30) උදෑ­සන 9.30ට පාර්ලි­මේ­න්තුව කැඳ­වන බව කථා­නා­යක වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න මහතා ගැසට් නිවේ­ද­න­යක් නිකුත් කර­මින් දැනුම්දී තිබේ.…

සබරගමුව සරසවියේ සිසුවෙක් සියදිවි නසාගැනිමේ සිදුවීමට අදාල පංච පුද්ගල කමිටු වාර්තාව ලබන සතියේ

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ සිසුවෙකු මියයාම පිළිබඳව කරුණු සෙවීමට පත්කළ පංච පුද්ගල කමිටු වාර්තාව ඉදිරි සතියේ භාරදීමට නියමිතව ඇති බව වාර්තා වේ. එම කමිටුව සඳහන් කළේ, පරික්ෂණ අවසන් අදියරේ පවතින බවයි. තවත් සිසුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත…

හෙට පාර්ලිමේන්තුව විශේෂ දිනයක් ලෙස රැස්වෙයි

විශේෂ පාර්ලි‍මේන්තු රැස්වීම් දිනයක් ලෙස හෙට (30) දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, පාර්ලිමේන්තුව හෙට පෙරවරු 09.30ට රැස්වීම‍ට නියමිත බවයි සඳහන් වෙන්නේ. 024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ  ජූනි 30…

පවතින ක්‍රමය වෙනුවට රට නව තලයකට ඔසවා තබන බව ජනපති කියයි

පවතින ක්‍රමවේදය තුළම ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරමින් ඉදිරියට යනවා වෙනුවට, රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.  ‘ඩී්‍රම් ඩිස්ටිනේෂන්’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති කාර්යාලයේදී ඊයේ (27) එක්වෙමිනුයි…

ශානි අබේසේකර CID අධ්‍යක්ෂ ධුරයට පත්කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ලෙස පත් කිරීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමි වී තිබෙනවා. එම තනතුර සඳහා ඔහුගේ නම යෝජනා වී තිබුණු අතර, ඒ සඳහා වන පොලිස් කොමිසමේ අනුමැතිය ලැබුණු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

ඊයේ (27) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අනුව, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබාදී ඇති බවයි පැවසෙන්නේ.…