Category Politics

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව අද රැස්වූ IMF විධායක මණ්ඩලය විසින් එය අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, ඔහුගේ ධුර කාලය තුළ සිදු වූ බව කියන විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයක කොටසක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා. ඒ අනුව ඔහු සම්බන්ධයෙන් වන නඩුව අද (01) කැඳවීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති ධුරය දරන සමයේදී රජයට මූල්‍යමය පාඩු…

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

ගොවියා ආරක්ෂා කරන බවට පව­ස­මින් බල­යට පැමිණි වත්මන් ආණ්ඩුව මේ වන විට ගොවි­යාට නිසි ප්‍රමි­ති­යෙන් යුක්ත පොහොර ටික පවා දීමට අපො­හො­සත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ පත් කළ මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (30) පැව­සීය. මූල්‍ය ක්‍රමෝ­පාය ප්‍රකා­ශය පිළි­බඳ…

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

පරාටේ නීතිය ක්‍රියා­ත්මක වී අද සිට ව්‍යාව­සා­ය­ක­යන්ගේ හා කර්මා­න්ත­ක­රු­වන්ගේ දේපොළ වෙන්දේ­සිය ඉතා වේග­යෙන් ක්‍රියා­ත්මක කිරී­මට අනු­මැ­තිය හිමි වන බවත් මේ තුළින් ක්ෂුද්‍ර කුඩා මධ්‍යම පරි­මාණ කර්මා­න්ත­ක­රු­වන් සහ ව්‍යව­සා­ය­ක­යන් රැස­කගේ දේපොළ වෙන්දේ­සි­වී­මට නිය­මිත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැවැ­සීය. විශේෂ…

රජයේ මූල්‍ය ක්‍රමෝපාය පාර්ලිමේන්තුවට

කොටස් දෙක­කින් යුක්ත වන මූල්‍ය ක්‍රමෝ­පාය ප්‍රකා­ශය ජන­තා­වගේ දැන­ගැ­නීම සඳහා මුදල් අමා­ත්‍යාං­ශයේ වෙබ් අඩ­විය මඟින් ප්‍රසි­ද්ධි­යට පත් කරන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංව­ර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (30) පැවැ­සීය. මධ්‍ය කාලීන මාර්ග සිති­ය­මක් වන මෙම…

හිටපු ඇමති ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වන වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසද කටයුතු කළ ඔහු මෙරට පැවති රජයන් කිහිපයක් යටතේ අමාත්‍ය ධූර හොබවා තිබෙනවා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකට පවරා ඇති නඩුවක් දෙසැම්බර් 08 දක්වා කල් යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 දෙනෙකුට පවරා ඇති නඩුවක් දෙසැම්බර් මස 08 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කර තිබෙනවා. 2023 වසරේ කොළඹ නිදහස් චතුරස්‍රය අසල මංමාවත් අවහිර කරමින්, වීදි නාට්‍යයක් පැවැත්වීමට කටයුතු…

දුමින්ද දිසානායකට ඇප ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම ජූලි 14 කැඳවීමට දින නියමවෙයි

හිටපු අමාත්‍යවරයකු වන දුමින්ද දිසානායක ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විමසීම සඳහා ජූලි 14 වන දින කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. මෙම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවනු ලැබුණු අතර, එහිදී…

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායකවරයා විසින් අද (30) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා. ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත්, ඒ අනුව විශේෂ පාර්ලිමේන්තු බහුතරයකින් සහ ජනමත විචාරණයකින් එයට අනුමැතිය ලබාගත…