Category Politics

කොළඹ නගරාධිපති ධුරය සඳහා සර්වජන බලයේ සහාය විපක්ෂයට ලබාදීමට තීරණය කෙරේ

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂය විසින් නම් කරන ලද අපේක්ෂකයාට සහාය දැක්වීමට සර්වජන බලය තීරණය කර තිබෙනවා. ඒ අනුව පක්ෂ විධායක කමිටුව විසින් එම තීරණය ගත් බවයි එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යවසායක දිලිත් ජයවීර සිය X ගිණුමේ…

ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පළාත් පාලන අපේක්ෂකයින් 2400කගේ නම් පොලීසියට යොමු කෙරේ

ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පළාත් පාලන අපේක්ෂකයින් 2400කගේ නම්, ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලීසියට යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඉන් පසුව පොලීසිය විසින් නීතිපති උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.…

කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීම අද

කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම අද (16) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එහිදී නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරාපත්කර ගැනීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ. ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කොළඹ මහ නගර සභාව සඳහා තරග කළ…

ප්‍රංශ තානාපති ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති Remi Lambert මහතා පසුගියදා (12) කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. මෙම අවස්ථාවේ දී අග්‍රාමාත්‍යවරිය ප්‍රංශ තානාපති Remi Lambert මහතා පිළිගත් අතර, ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය…

දයා ගමගේට අයත් ආයතන 3ක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියෝග

හිටපු අමාත්‍ය දයා ගමගේට අයත් ආයතන තුනක් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව දයා ගෲප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන ජූලි මස 2 දා උදෑසන 10.00 ට වෙන්දේසි…

ජනපති දිවයිනට පැමිණෙයි

ජර්මනියේ නිල සංචාරයකට සහභාගී වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක අද (15) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන් අද උදෑසන 08.58ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ. ජර්මානු ජනාධිපතිවරයාගේ ආරධනයක් අනුව…

ජනපති ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවෙයි

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (13) පස්වරුවේදී ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවී තිබෙනවා.  ඊට ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්, ආයෝජකයින් සහ වෘත්තිකයින් රැසක් සහභාගී වී සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. …

පළාත් පාලන ආයතන සභිකයින් 223කගේ නම් මෙතෙක් ලැබී නැහැ – මැතිවරණ කොමිසම

පළාත් පාලන ආයතන සඳහා තේරීපත් වූ සභිකයින් 223කගේ නම් මෙතෙක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම නාම යෝජනා කඩිනමින් යොමුකරන ලෙස පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලට යළිත්  දැනුම් දුන් බවයි කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ. කොමිසම වෙත ලැබුණු…

ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභා මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභා මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. මෙම දිවුරුම් දීම ඊයේ (13) බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී සිදු කෙරුණු බවයි සඳහන් වන්නේ. නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහ කොළඹ…

එයාර් ඉන්දියා ගුවන් අනතුර පිළිබඳ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගෙන් ශෝක පණිවුඩයක්

ඉන්දියාවේ අහමඩාබාද් නගරයේ දී ඊයේ (12) පස්වරුවේ සිදු වූ එයාර් ඉන්දියා ගුවන් අනතුර පිළිබඳව දැඩි ශෝකය හා කණගාටුව ප්‍රකාශ කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය වෙත ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එහිදී ඇය සඳහන් කරන්නේ, ජීවිත අහිමි…