Category Politics

රණවිරු සැමරුමට යන්නේ නෑ කියලා, විරෝධය හමුවේ යන්න තීරණය කිරීම රටක ජනාධිපතිවරයෙකුට සුදුසු දෙයක් නෙවෙයි – දයාසිරි

රටක ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව හා රාජ්‍ය ආරක්ෂාව රැකීම රටක ආණ්ඩුවක මූලික කාර්යභාරයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ඒ අනුව, සෑම වසරකම මැයි 19 වන දින රණවිරුවන් සැමරීම රජය විසින් සිදුකළ බවයි අද (19) පැවති මාධ්‍ය හමුවකට…

මහින්දානන්ද මහේස්ත්‍රාත් අධිකරණයට එයි

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වෙයි. ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර තිබෙන  හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙලෙස අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්…

චාමර සම්පත්ට ඇප

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතාව ඇප මත මුදාහැරීමට බදුල්ල මහෙස්ත්‍රාත්වරයා අද (19) නියෝග කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධාන සමුළුවට ඇමැති නලින්ද ස්විට්සර්ලන්තයට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වැනි වාර්ෂික මහා සමුළුවට සහභාගි වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ස්විට්සර්ලන්තය බලා ඊයේ (18) පිටත්විණි. “එකම සෞඛ්‍යමත් ලොවක්” තේමාව කර ගනිමින් මෙම සමුළුව ජිනීවා නුවර දී පැවැත්වෙන අතර අද (19) සිට…

දේශබන්දු අද චෝදනා විමර්ශන කමිටුවට

සිය ධුරයේ බලතල අනිසි අන්දමින් යොදා ගැනීම සම්බන්ධයෙන් වන චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටුව හමුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා පළමු වතාවට අද (19) පෙනී සිටීමට නියමිතය. විමර්ශන කමිටුව අද (19) පස්වරු 2.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වෙන අතර ඒ…

පාර්ලිමේන්තුව හෙට සිට දින හතරක්

පාර්ලිමේන්තුව හෙට (20) සිට 23 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය කර ඇත. කථානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මේ තීරණය ගෙන ඇත. ඒ අනුව පාර්ලිමේන්තුව හෙට (20) පෙරවරු 9.30ට…

ග්‍රාමීය සංවර්ධනයට සක්‍රියව මැදිහත්වී නිෂ්පාදන ආර්ථිකය පණගන්වන්න

මෙරට නිෂ්පාදන ආර්ථිකය පණගන්වමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රියව මැදිහත්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පසුගියදා (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ…

අද ජාතික විජයග්‍රාහී සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) පැවැත්වෙනවා. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පස්වරු 4.00 සිට 6.00 දක්වා ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය පැවැත්වෙන බවයි…

මා ජීවත්ව නොසිටින දිනක වුවද, මාතෘ භූමිය එක සිංහ ධජයක් සෙවණේ පවතීවා – මහින්ද රාජපක්ෂ

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති LTTE ත්‍රස්තවාදය පරාජයට පත් කර වසර 16 සපිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ලොව මිලේච්ඡතම කුරිරු ත්‍රස්තවාදය සහමුලින් නැති කරමින් මේ රටේ සෑම පුරවැසියෙකුටම මාතෘ භූමියේ සෑම බිම් අඟලකම මර…

ඇමති නලින්ද ස්විට්සර්ලන්තයට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුවට සහභාගී වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබේ. මෙම සමුළුව හෙට (19) සිට 27 වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත්වෙන අතර…