Category Local News

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

2026 වර්ෂය සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, එම අයඳුම් පත්‍රය සමඟ උපදෙස් පත්‍රිකාවක් නිකුත් කර ඇති අතර, එයට අනුව කටයුතු කරන ලෙසයි එම අමාත්‍යංශය දැනුම් දෙන්නේ. අයදුම්පත්‍රය සම්පූර්ණ…

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම ශ්‍රේණිගත කිරීමේදී ගුවන් සේවා අංශයේ ප්‍රමුඛස්ථානය හිමිකර ගනිමින් “වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය(The Most Loved Brandin the Aviation Sector)” ලෙස ඇගයීමට ලක්වීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සමත් විය. මෙම ඇගයීමත්…

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

වර්තමානය වනවිට සීගිරිය අවට දිනෙන් දින ඉදිවන අනවසර ඉදිකිරීම් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් සීගිරිය ඉවතට විසිකිරීමේ අවදානමක් මතුකර ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි. සීගිරිය අතීතයේ සිට වර්තමානය දක්වාම ලංකාද්වීපයේ අසිරිය ලෝකයට කියාපාන…

මීගමුවේ වෙඩි තැබීමක්

UPDATE 3.50 PM දුන්ගල්පිටියේදී සිදුකළ වෙඩි තැබීම පොලිස් මාර්ග බාධකයක් අසලදී පලා යාමට තැත් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඉලක්ක කර, පොලිසිය කළ වෙඩි තැබීමක් බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. Previous News – 02.10 PM මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේදී අද (03) දහවල්…

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අද දැයෙන් සමුගනී

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේගේ අවසන් කටයුතු අද පස්වරුවේ මාවිත්තර – දොලේවත්ත සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. ඔහුගේ දේහය මේ වන විට පිළියන්දල මාවිත්තර ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා. මියයන වන විට හිටපු අමාත්‍යවරයා 82වන වියේ පසුවුණා.

හරක් කටාගේ නඩුවේ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කෙරේ

නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන අධි චෝදනා පත්‍රය පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව, මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ…

සීතාවක ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් චන්දයක් පැවැත්වීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර වෙත නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව, සීතාවක ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු…

ශානි අබේසේකර CID අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී ආරම්භ කරයි

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී අරම්භ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුව පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ පසුගියදා මෙම පත් කිරීම සිදුකර තිබුණා. ඔහු මීට පෙරද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා…

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අද සිට ආරම්භ වෙයි

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අද (03) සිට ආරම්භ වනවා. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කටත් මිලදී ගන්නා බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ. මෙවර…

හොරකම්, මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අපිට චෝදනා නෑ – දයාසිරි

ආණ්ඩුවට එරෙහිව කතා කරන මන්ත්‍රීවරුන් කොටු කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ඒ අනුව, රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට ඒ ආකාරයෙන් කටයුතු කළ බවත්, තමාවද නිහඬ කිරීම සඳහා රජයට…