Category Local News

කටුනායක ගුවන් තොටුපළේ VAT Refund කවුළුවක් විවෘත කෙරේ

සංචාරකයන් විසින් ශ්‍රී ලංකාව තුළදී භාණ්ඩ මිලදී ගැනීමේදී ගෙවන ලද, එකතු කල අගය මත බදු (VAT) නැවත ලබාදීමේ කවුළුවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල පරිශ්‍රයේ ස්ථාපනය කර තිබෙනවා. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් ස්ථාපනය කළ එම කවුළුව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන…

ලංගම බස් රථයක් ගසක ගැටී අනතුරක්

හලාවත – පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලම ආසන්නයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද දහවල් සිදුවූ එම අනතුරින් තුවාල ලැබූ අය ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. පේදුරුතුඩුවේ සිට කොළඹ…

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජූලි 07 වැනිදා ජල කප්පාදුවක්

ජූලි 07 වැනිදා පෙරවරු 08.30 සිට පස්වරු 08.30 දක්වා පැය 12ක කාලයක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. මේ හේතුවෙන්, පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක / සීදුව නගර සභා බල ප්‍රදේශ සහ…

මාස 06ක් තුළ රේගු ආදායම රුපියල් ට්‍රිලියනය ඉක්මවයි

මෙම වසරේ ගතවූ මාස 06 ක කාලය තුළ දී ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් ට්‍රිලියනය (බිලියන 1000) ඉක්මවූ ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසනවා. ඒ අනුව, මෙම වසරේදී රජය ලබාදුන් ආදායම් ඉලක්කය වන බිලියන 2115 සීමාව…

ඉන්දියාවෙන් පිටුවහල් කරන ලද, මෙරට මහා පරිමාණ මුදල් වංචාවන්ට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

මෙරට දී මහා පරිමාණ මුදල් වංචා සිදුකර, ඉන්දියාවට පලාගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු යළි දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති මෙම සැකකරුවන්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. මෙම සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර…

මාස 6ට සුරාබදු ආදායම බිලියන 120 පනී

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ජූනි 30 දක්වා රුපියල් බිලියන 120.5ක ආදායමක් රජයට උපයා දී ඇත. එය මුදල් අමාත්‍යාංශය විසින් ලබා දී ඇති ඉලක්කය 102.6%ක් ඉක්ම වූ ප්‍රගතියක් බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව…

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක් අනුව ඔහු එහි පැමිණීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රාගම බටුවත්තේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

රාගම බටුවත්ත ප්‍රදේශයේ ඊයේ (03) රාත්‍රීයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය සඳහන් ක‍ළේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගණේමුල්ල සංජීවගේ සමීපතමයෙකු වන ‘ආමි උපුල්’ නම් පුද්ගලයෙකු…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

තෝරු, මෝරු, නිල් තල්මස්සු වගේ අය තමා අපි අත්අඩංගුවට ගන්නේ – බිමල් රත්නායක

රටේ මහජන මුදල් සොරාකන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ අනුව, මේ වන විට නීතිය ක්‍රියාත්මක කිරීම උඩ සිට ආරම්භ කර ඇති බවත්, දැන් අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ තෝරු, මෝරු, නිල් තල්මස්සු වැනි පිරිස්…