Category Local News

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද…

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ – නාමල්

වත්මන් ආණ්ඩුව තමන්ගේ නොහැකියාව වසා ගැනීම සඳහා මර්දනයෙන් වැඩ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඒ අනුව දූෂණ, වංචා නවත්වන මුවාවෙන්, රටේ රාජ්‍ය යාන්ත්‍රණය කඩාකප්පල් කර, නිලධාරීන් හිරගෙවල්වල දමා, මෙරට රාජ්‍ය පාලන ක්‍රමය කඩාකප්පල් කිරීමට…

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා ඇතුළු කණ්ඩායම අද උදෑසන 6.30 පමණ වන විට මහව වනජීවී කලාපයේ පොල්පිතිගම ප්‍රදේශයේ දැනට රෝගාතුරව සිටින භාතිය ඇතා සිටින ස්ථානයට පැමිණ හස්තියාට ප්‍රතිකාර කිරීම යළි ආරම්භ කර ඇත. වැලි කොට්ට ආධාරයෙන්…

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා දේශීය සිසුන් ඇතුළත් කර නොගැනීමට ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිසුන් පිරිසක් විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සමථයට පත් කළ හැකි…

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (06) විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ් අනුව රත්නපුර, ඇඹිලිපිටිය, සීතාවකපුර හා කෑගල්ල පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි, ඊයේ (06) රාත්‍රී 6.00 සිට රාත්‍රී 10.00 දක්වා මෙම විශේෂ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති…

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

ආපදාවට ලක්වී තිබුණු ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකු නිරුපද්‍රිතව මුදා ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා. අදාළ ඉන්දියානු ධීවර යාත්‍රාව සන්නිවේදන සම්බන්ධතා රහිතව අතුරුදන්ව ඇති බවට ඉන්දියාවේ මුම්බායි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් කොළඹ සමුද්‍රීය සෙවීම් හා…

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු සැකකරුවන් තිදෙනා එළැඹෙන ජූලි 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. ඒ අනුව, ඔහු අද (07) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ. හැව්ලොක් සිටි…

දියවැලකට හසුවූ පුද්ගලයින් සිව්දෙනෙක් පොලිසිය විසින් බේරාගැනේ

ඒත්තුකාල වෙරළ තීරයේ දිය නෑමට ගිය පුද්ගලයන් සිව්දෙනෙකු දියවැල්වලට හසුවී මුහුදට ගසාගෙන යමින් සිටියදී, පොලීසිය විසින් බේරාගෙන තිබෙනවා. ඊයේ (06) සවස මෙම අනතුර සිදුව ඇති අතර, මෙලෙස අනතුරට පත්ව ඇත්තේ වයස අවුරුදු 20, 21, 22 සහ 34 වයස්වල පසුවන, වේයන්ගොඩ,…

ජාතික අන­තුරු නිවා­රණ සතිය අද සිට

සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය මඟින් වාර්ෂි­කව ක්‍රියා­ත්මක කරන ජාතික අන­තුරු නිවා­රණ සතිය අදින් (07) ඇරඹේ. අද සිට 11 දා දක්වා මේ සතිය ක්‍රියා­ත්මක කරන අතර මේ වර්ෂයේ දී සම­රනු ලබන්නේ දස­ වැනි ජාතික අන­තුරු නිවා­රණ සති­යයි. මාර්ග අන­තුරු වැළැ­ක්වීමේ දිනය අදට (07)…

ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව තාවකාලිකව අත්හිටුවයි

ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතිය තාවකාලිකව ක්‍රියා විරහිතවී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසනවා. ඒ අනුව පසුගිය 03 වැනි දින සිට ඇති වූ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් අත්හිටුවා ඇති බවයි එම ආයතනය…