Category Local News

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ප්‍රතිඵල ලබාගත හැකි බවයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

විදුලිබල මණ්ඩලයේ නව පනත ගැන කතාකරන්න වෘත්තීය සමිති බලධාරීන් හමුවෙයි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙල සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.  එහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය වැඩපිළිවෙළ තුළ සේවකයින්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සුරැකීම සම්බන්ධයෙන් අවධානයට යොමු වූ බවයි බලශක්ති අමාත්‍යංශය නිවේදනයක්…

රටට ඉහළම ප්‍රතිලාභ ලැබෙනතුරු ඇමරිකානු තීරබදු සාකච්ඡා තවදුරටත් ඉදිරියට – මුදල් ලේකම්

රටට ඉහළම ප්‍රතිලාභ ලැබෙන ලෙස ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන යනබව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය. ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති…

බඩඉරිඟු සැපයුම වැඩිදියුණු කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක්

බඩඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණෙන් පත් කරන ලද බඩඉරිඟු කාර්යයසාධන බලකායෙන් බඩඉරිඟු සැපයුම වැඩිදියුණු කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් යෝජනාවී තිබේ. මේ තුළින් බඩඉරිඟු සැපයුම වැඩි දියුණු කිරීමත් ඒ සඳහා තාක්ෂණික පැකේජයක් හඳුන්වා දීම, නිෂ්පාදන පිරිවැය අවම කිරීමට නව යන්ත්‍ර…

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී තරුණයින් 08 කට බරපතළ තුවාල

මාතර සිට නුවරඑළිය බලා ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් තරුණයින් අට දෙනෙකු බරපතල තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ, මෙම අනතුර අද (10)…

භාතියට කැල්සියම් දීමට තීරණය කරයි – හස්තියා එකම ඇලයකට නිදා සිටීම ප්‍රධාන ගැටලුවක්

පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ වෛද්‍ය කණ්ඩායම අද(10) පස්වන දිනටත් මහව වනජීවී කලාපයේ පොල්පිතිගම ප්‍රදේශයේ දැනට රෝගාතුරව සිටින භාතිය හස්තියාට ප්‍රතිකාර කටයුතු ආරම්භ කර තිබේ. එසේම මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පැමිණ හස්තියා නිරීක්ෂණය කිරීම සිදු කළේ දෙවැනි දිනටය. තවත් ඖෂධ වර්ග…

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ, අවසන් මහ පෙරහැර අද (10) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ආරම්භ වන පෙරහැර දෙවන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ, ඉන් අනතුරුව එම…

ආනයනික කිරිපිටි මිල ඉහළට

ආනයනික කිරිපිටි 400g පැකට්ටුවක මිල රුපියල් 100 කින් ඉහළ දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එසේම ආනයනික කිරිපිටි 1kg පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක…

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

2027 වසරේ සිට අයකිරීමට නියමිත දේපළ බද්ද බොහෝ විට දැනට අය කරන වරිපනම් බද්දට සමාන බද්දක් විය හැකි බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා.  මේ අතර ඔක්තෝබර් පළමුවැනිදා සිට ඩිජිටල් සේවා සඳහා අය කරන 18%ක වැට් බද්ද හරහා ක්ෂේත්‍ර රැසකටම…