Category Local News

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කෙරේ

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.  ඒ අනුව අද (05) සිට තවත් මාස 06ක කාලයක් සඳහා එම සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමටයි තීරණය කර ඇත්තේ.

මිල මදි කියන ගොවීන්ට කෘෂි නි. ඇමතිගෙන් උත්තර

වී සඳහා නියම කර ඇති සහතික මිල මගින් ගොවියාට කිසිදු අසාධාරණයක් නොවන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. කුරුණෑගල පැවැති වැඩසටහනකදී සහල් සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ද දැඩි…

රාගම බටුවත්තේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට

රාගම පොලිස් වසමේ බටුවත්ත ප්‍රදේශයේ ඊයේ (3) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙයි. ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකරුවන් විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මියගිය පුද්ගලයා වයස අවුරුදු 45ක් වන බටුවත්ත…

හරක් කටා කොළඹ ජාතික රෝහලට

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්ලි නායකයෙකු වන නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. චිකුන්ගුන්යා රෝගය වැළඳී තිබීම නිසා එයට ප්‍රතිකාර කිරීම සඳහා ඔහු රෝහල්ගත කර ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව, පොලිස් විශේෂ කාර්ය…

අද කාලගුණ නිවේදනය

අද (05) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේ ද, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත…

ග්‍රාමීය ජනතාවට ආර්ථික අවස්ථා උදාකර දෙමින් ඔවුන් ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් කර ගත යුතුයි – ජනපති

රටේ ආර්ථික ප්‍රතිලාභ පහළ ග්‍රාමීය ජනතාවට ගලා නොයන්නේ නම් සංඛ්‍යා ලේඛනවල කොපමණ ආර්ථික වර්ධනයක් අත්කර ගත්තද, ඵලක් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. එක් පසෙකින්, රටේ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගන්නා අතරම, අනෙක් පසින්, ආර්ථිකය ප්‍රසාරණය කර ග්‍රාමීය ජනතාවට…

වැලිගම ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා පැහැර ගැනීම මාලිමාව සැලසුම් සහගතව සිදුකළ ක්‍රියාවක් බවට චෝදනාවක්

පසුගියදා වැලිගම ප්‍රදේශීය සභාවේ සභිකයින් දෙදෙනෙක් පැහැර ගැනීමේ ක්‍රියාව ජාතික ජන බලවේගය සැලසුම් සහගතව සිදුකළ ක්‍රියාවක් බව සමගි ජන බලවේගය ප්‍රමුඛ එම ප්‍රදේශීය සභාවේ සභිකයින් පවසනවා. ඒ අනුව අදාළ සිද්ධිය වූ ‍දිනයේ උදෑසන එම මන්ත්‍රීවරයා සහ මන්ත්‍රීවරිය JI 8352 දරණ…

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ ඇප ඉල්ලීම සලකා බැලීම ලබන 08 වනදා

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ ඇප ඉල්ලීම පිළිබඳව ලබන 08වනදා කරුණු දක්වන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විත්තියේ නීතිඥවරුන්ට අද (04) නියම කළා. සැකකාර වෛද්‍යවරිය ඇප මත මුදාහරින ලෙස…

මාරවිල ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුර කසළ වළකින් හමුවෙයි

දින කිහිපයක් තිස්සේ අතුරුදන්ව සිටි මාරවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ මළසිරුර වෙන්නප්පුව ප්‍රදේශයේ කසළ වළකින් සොයාගෙන තිබෙනවා.  පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයාගේ මිතුරෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.  මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාරවිල, කටුනේරිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ව්‍යාපාරිකයෙක්. …

කාලගුණයේ වෙනසක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…