Category Local News

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

උසස් පෙළ විභාගය ඉහළින් සමත්වූ සිසුන් හට සිය ප්‍රථම උපාධිය ජාත්‍යන්තර ඉහළ ශ්‍රේණිගත කිරීමක් සහිත විදේශීය විශ්ව විද්‍යාලයක හැදෑරීම සඳහා අවශ්‍ය ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අන්තර්ජාතික විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ දර්ශකයන් හි…

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදී සිදුවී ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පිහිටුවීමට අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව, 2010 – 2025 කාලසීමාව තුළ ඉහත…

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ පුද්ගලයින් 07 ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ අනුව, මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක්…

ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 11 වැනිදා කැඳවීමට නියෝග

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 11 වැනිදා සිදු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කර තිබෙනවා. ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර, අවිධිමත් ලෙස රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇයට…

යල කන්නයේ වී මිලදී ගැනීම හෙට ආරම්භ කෙරේ‍

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03) ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා. ඒ අනුව, නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත් මිලදී ගන්නා බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල…

යෝෂිත සහ ඩේසි ෆොරොස්ට් හට අධිචෝදනා භාරදෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට අද (02) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී තිබෙනවා. ඒ අනුව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ නඩුවක් සඳහා, කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ මෙලෙස…

ව්‍යාජ ඩොලර් නෝට්ටු හයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ඩොලර් නෝට්ටු සමඟ සැකකරුවෙකු මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩොලර් 100 ව්‍යාජ මුදල් නෝට්ටු 06ක් සමඟ එම සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අදාළ සැකකරු වයස අවුරුදු 45ක් වන රස්නායකපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මිනුවන්ගොඩ…

තෙල් මිල ඉහළ දැමූ පද­නම රටට කියන්න

තෙල් මිල ඉහළ දැමූ පද­නම දැන ගැනී­මට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ප්‍රකාශ කළේය. විශේෂ ප්‍රකා­ශ­යක් කර­මින් ඊයේ (01) ඒ මහතා මේ බව කීවේය. විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා එහිදී මෙසේද පැව­සීය. මේ දුර්වල අකා­ර්ය­ක්ෂ­ම­තාව හේතු­වෙන් ජන­තා­වට ලොකු…

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කර තිබේ. ඒ අනුව, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත ය. 2002 අංක…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්…